Sunday 31st of May 2026

English Tamil
Advertiesment


වොෂින්ටන් බෞද්ධ විහාර කඨින පිංකම 22 ඉරිදා


2023-10-19 14902

 

ධාතු කරඬුව වැඩමවීම තානාපති මහින්ද අතින්

 

 
(අශෝක ජයතුංග)
         

ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම සහ සිවුරු පූජාව 2023 ඔක්තෝබර් 22 ඉරිදා පෙරවරු 10.00 ට ආරම්භ වන බවත් එම පිංකමට එක් වන ලෙස  විහාරයේ දායකයන්ට සහ හිතවතුන්ට ඇරයුම් කරන බවත් එම දායක සභාව පවසයි. 
 
කැනඩාවෙි ප්‍රධාන සංඝ නායක පඤ්‍ඤාලෝක නා හිමි සමඟ  ධම්මසිරි, පඤ්ඤාතිස්ස සහ රතනසීහ හිමිවරුන් මෙවර වස් සමාදන්ව වස් ශීලය රැක තිබේ.
 
මෙවර පිංකමේ අනුග්‍රහය සපයන්නේ වියට්නාම් බෞද්ධයන් වන ලෙයි ඩුයි පන්, ලින් ලොන්ග් ඩිංසන් සහ කෙවින් මේ ලී යන මහත්වරුන් ප්‍රමුඛ වොෂින්ටන් මෙට්‍රොපොලිටන් හි දායකයන් විසිනි.

Advertiesment